Wednesday, June 19, 2024

Ashvini Nakshatra | අස්විද නැකත (කේතු)

 

01. අස්විද නැකත 


ජ්‍යෝතිශ්‍යයේ සඳහන් නැකැත් විසි හත අතරින් පළමු නැකත වන්නේ අස්විද නැකතයි. මෙය මේෂ රාශියේ මුල් අංශකයේ (මේෂ 0°-0'-0") සිට මේෂ 13°-20' දක්වා පරාසයක පැතිරී පවතී. ආශ්වාරෝහ යන අරුත ඇති අශ්වයුජ් යන නමින් අථර්ව වේදයේ මෙම නැකත හඳුන්වා තිබේ. අස්විද නැකත යනු විවාස්වත නම් අශ්ව ආත්මයෙන් ආ සූර්ය දෙව් රජුට දාව සංජානා නම් දෙවඟන බිහිකළ නිවුන් දියණියන් ය.



ජවය, බලය, ශක්තිය හා ගතිකත්වය සංඛේතවත් කරන මේ නැකත කේතු ග්‍රහයාට අයිතිවේ. නැකැත් පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් ට අයිතිවේ.
මේෂ 0°-0'-0" සිට මේෂ 13°-20' අතර පරාසයේ චන්ද්‍රයා සිටි කල යමෙක් උපන්නේ නම් ඔහු / ඇය අස්විද නැකතෙන්, කේතුගේ මහදශාවෙන් උපන් බව පිළිගැනේ.
ශුභ කටයුතු සඳහා යොදාගන්නා මහා නැකතකි.

අස්විදයේ ප්‍රභේද: දේව ගණ, අශ්ව යෝනි, ගොඩකදුරු වෘක්‍ෂ, හෙරුඩ පක්‍ෂි, පඨවි භූත, මරිචි ගෝත්‍ර, බ්‍රාහ්මණ වර්ණ, පුරුෂ ලිංග, පූර්ව නාඩි.

--

ජ්‍යෝතිෂ්‍යාචාර්ය

බී.කේ.ඩී.පී. බාලසූරිය,

පොල්හේන පාර,

දෙවලපොල.


කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා

Call / Whatsapp: 071 698 2482


Join the Yahapath Whatsapp Group

YouTube Channel


EmoticonEmoticon