'ජ්‍යොති' ( සංස්කෘත: ज्योति ) යනු ප්‍රභාවයි. 'ජ්‍යෝතිෂ්' ( සංස්කෘත: ज्योतिस् ) යනු ආලෝකයයි. ආලෝකය නිසා ප්‍රභාව හටගනී. දීප්තියෙන් යුතු තාරකා වැනි ග්‍රහ වස්තු ද සංස්කෘතයේ ජ්‍යෝතිෂ් යන්නට ඇතුළත් වේ. මෙහි ම තවත් අරුතක් වන්නේ දෘෂ්ටි සංවේදනය හෙවත් දැකීම යි. මනැසින් දැකීම ද මීටම අයත් ය. දීප්තිමත් ආකාශ වස්තුන් ඇසුරේ ගොඩනැඟුණු ශාස්ත්‍රයක් බැවින් මේ ශාස්ත්‍රයට ඒ නම යොදා ඇති බව බොහෝ දෙනාගේ අදහස වේ. "දීප්තිමත් ආකාශ වස්තුන් ගේ බලපෑමෙන් ලෝකයට සිදුවිය හැකි වත්මන් සහ අනාගත තත්වයන් පෙන්වාදෙන ශාස්ත්‍රය, ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය නම් වේ" යැයි කීම වඩාත් උචිත හැඳින්වීමක් බව හඟිමි.
භාරතීය වේද ශාස්ත්‍රයේ පරිපූරක විශය
හෙවත් 'වේදාංග'* හයෙන් එකකි මේ ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය. වේදාංග
ජ්‍යෝතිෂ්‍යය හෙවත් වෛදික ජ්‍යෝතිෂ්‍ය නම් වන මෙය අප රටේ වඩා ප්‍රචලිත මහා සම්ප්‍රදාය
වේ. තාරකා ශාස්ත්‍රය හා සම්බන්ධ කරුණු සඳහන් වන ලොව පැරණිතම මුලාශ්‍ර අතර ඉතා
වැදගත් තැනක් උසුලන ක්‍රිස්තු වර්ෂයට සියවස් පහළොවකට පමණ ඉහත දී ලියැවී තිබෙන 'ඍග්' වේදයේ ජ්‍යෝතිෂ්‍යය පිළිබඳ මුල් සටහන්
හමුවේ. 'ස්වරභානු' නම් අසුරයා** ගේ බලපෑමකට අනුව සූර්ය ග්‍රහණයක්
ඇතිවූ අයුරු එහි සඳහන් ය. තවද 'අථර්ව' වේදයේ සහ 'චාන්ද්‍යෝග්‍ය උපනිෂද්' යන ග්‍රන්ථ වල චන්ද්‍ර ග්‍රහණයට
හේතුවන 'රාහු' නම් ග්‍රහයා ගැන සඳහන් වේ. එහි 'ග්‍රහ' යන යෙදුම 'ග්‍රහලෝකය' යන අරුතෙන් නොව 'අසුර' යන සත්ත්ව සංඥාවෙන් හඳුන්වා දී තිබේ.
පැරණි ව්‍යවහාරයේ රාහු නම් අසුරේන්ද්‍රයා යැයි කීවේ ඒ රාහු ග්‍රහයාට ය.
වෛදික ජ්‍යෝතිෂ්‍යයේ සියලු මූලධර්ම නක්‍ෂත්‍ර රාශි වළල්ල පදනම් කොටගෙන ගොඩනඟා තිබෙන අතර අපරදිග ජ්‍යෝතිෂ්‍ය ය නිවර්තක රාශි වළල්ල මත ගොඩනැඟී තිබෙයි. අපේ රටේ ප්‍රචලිතව පවතින වෛදික සම්ප්‍රදායේ දී අයනාංශය අත්හැර තිබෙන අතර, අයනාංශය ගණන් ගැනෙන වෙනත් වෛදික සම්ප්‍රදායයන් ඉන්දියාවේ ව්‍යවහාර වේ. ( අයනාංශය පිළිබඳ වැඩි විස්තර ඉදිරි පරිච්ඡේදයක සඳහන් කර ඇත ). ග්‍රහයන්ට අනුව සතියේ දින නම් කිරීම, මේෂයේ පටන් රාශි දොළසක් සහ ලග්නයේ පටන් භාව දොළසක් වෙන්කිරීම ආදී දේවල් බොහෝමයක් අපරදිගින් පෙරදිගට ලැබී ඇත.***
ඉපැරණි භාරතීය වෛදික සම්ප්‍රදාය තාරකා
ශාස්ත්‍රයේ පටන් ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය දක්වා වූ නැම්ම ග්‍රීක ආභාෂය අනුව සිදුව
තිබෙන බව යවනභාතිය හා ආර්යභාතිය යන මුලාශ්‍ර ඇසුරෙන් පෙන්නා දියහැකිය.
හයවන
සියවසේ
විසූ වරාමිහිර ආචාරීන්ගේ පංචසිද්ධාන්තිකාව ද භාරතීය තාරකා ශාස්ත්‍රයේ වැදගත් මුලාශ්‍රයකි.
වෛදික ජ්‍යෝතිෂ්‍යයේ සවර්ණමය යුගය ආරම්භ වන්නේ පරාශර ආචාරීන් ගේ හොරා ශාස්ත්‍රය ලියවීමත් සමඟ හත්වන සියවසේදී පමණය.
පරාශර ආචාරීන්ට අනුව වෛදික ජ්‍යෝතිෂ්‍යය, හෝරා, ගණිත සහ සංහිතා යනුවෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත යි.* මේවා අතර හෝරා ශාස්ත්‍රය ම ප්‍රධාන වේ.
සාරාවලිය ලියූ කල්‍යාණවර්මන් ආචාරීන් ද
භාරතීය ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය ගොඩ නැගීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ මහා ඍෂි
වරයෙකි.
මසේ අවුරුදු දහස් ගණනක් පුරා
අඛණ්ඩව
පැවත එන මේ මාහැඟි ශාස්ත්‍රයට ද
ඒ පූර්වාචාරින්ට ද
උපහාර
වේවා!
---
* 1. ශික්‍ෂා 2. ඡන්දස් 3. ව්‍යාකරණ 4. නිරුක්ත 5. කල්ප 6. ජ්‍යෝතිෂ්‍ය
** සුරන්ට එදිරි නිකාය අසුර නම් වේ.
*** The Blackwell Companion to Hinduism (2003) - Gavin Flood
---------------------------------------------------------------------------------------------------------------------
සියලු හිමිකම් ඇවිරිණි
© 2024 බී. කේ. ඩී. පී. බාලසූරිය
කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව මේ ප්‍රකාශනයේ
ඇතුළත් කිසිවක් කවරා'කාරයක යක හෝ උපුටා ගැනීම,
පිටපත්
කිරීම සහ බෙදාහැරීම සපුරා තහනම් වේ.
EmoticonEmoticon