8. පුස නැකත
නැකැත් චක්‍රයේ අට වැනි නැකත වන්නේ පුස නැකතයි. නෙලුම් මලක හා ගවදෙනක කිරි බුරුල ආකාරයෙන් දක්වා ඇති පුස නැකත ශනි ට සහ බ්‍රහස්පති දෙවියන්ට අයත්වේ. කටක රාශියේ 3°20' -16°40' පරාසය තුල පැතිරී ඇත. සෞභාග්‍යය නියෝජනය කරයි.
චන්ද්‍රයා කටක 3°20' -16°40' අතර පරාසයේ සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය පුස නැකතින් හා ශනි ගේ මහදශාවෙන් උපන්නේ වේ. පුස නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිති වේ. සමාරම්භක අවස්ථා වැනි ශුභ කටයුතු වලට යෙදිය හැකි ශුභ නැකතකි.
පුස නැකතේ ප්‍රභේද; දේව ගණ, එළු යෝනි, බෝ වෘක්ෂ, පිංගල පක්ෂි, ආපෝ භූත, අත්‍රි ගෝත්‍ර, ක්ෂත්රිය වර්ණ, පුරුෂ ලිංග, මධ්‍ය නාඩි.
--
ජ්‍යෝතිෂ්‍යාචාර්ය
බී.කේ.ඩී.පී. බාලසූරිය
පොල්හේන පාර
දෙවලපොල
කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා
Call / Whatsapp: 071 698 2482
EmoticonEmoticon