Wednesday, June 19, 2024

Is Astrology True? | ජ්‍යෝතිෂ්‍යය ඇත්තක් ද?


 

ජෝතිෂ්‍යය බොරුවක්, මිත්‍යාවක් කියලා පොළොවේ හැපෙන බුද්ධිමතුන් පිරිසක් ඉන්නවානේ. විශේෂයෙන් අර 'දවල් නිරාගමික කල්ලිය'.  අන්ධ භක්තියෙන් තොරව විචාර බුද්ධියෙන් මේ ගැන සංවාදයක් ආරම්භ කරන්න හිතුවා. උගතුන්ට, බුද්ධිමතුන්ට, දාර්ශනිකයන්ට වගේම විෂයය ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙකුට එකතුවෙන්න පුළුවන්. 🙏🙏

මම දකින විදිහට ජෝතිෂ්‍යය යනු අවශ්‍යයෙන්ම විද්‍යාවක්. මෙයට ඉතා ගැඹුරු ශාස්ත්‍රිය පදනමක් තියෙනවා. එහි එන ග්‍රහ චලිත වගේ දේවල් බොහොමයක් නූතන තාරකා විද්‍යාවෙන් සනාථ වෙනවා. එහෙත් එහිම ඇති පාරභෞතික කරුණු නූතන විද්‍යාත්මක ක්‍රමවේදයෙන් ඔප්පුකර පෙන්වීමට නොහැකි තත්වයක් තියෙන්නේ. බටහිර විද්‍යාවේ ම එන අසත්‍යකරණ මුලධර්මයන් යෙදීමෙන් ජෝතිෂ්‍යය අසත්‍යක් හෝ මිත්‍යාවක් ලෙස නිශ්චය කරලත් නෑ. සරළව, ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ යම් කොටසක් (50%ක් කියමු) නූතන විද්‍යාවෙන් ඔප්පුකර ඇති බවට ත් අනෙක් 50% එසේ ඔප්පුකර පෙන්වා නැති බවට ත් පිළිගන්නේ නම් තත්වය කෙබඳු වේද? ඔප්පුකර පෙන්වා නැති කොටස එසේ ඔප්පුකර පෙන්වා නැත්තේ ජෝතිෂ්‍යයේ වරදක් හෝ අඩුපාඩුවක් හෝ නිසාද, නැතිනම් විද්‍යාවේ අඩුපාඩුවක් හෝ නොහැකියාවක් නිසාද කියා සිතිය යුතුයි. භාගයක් ඔප්පුකර සත්‍ය බවට පිළිගත්තායින් පසුව ඔප්පුකර ගත නොහැකිව ඉතුරුවන භාගය අසත්‍යයක් යයි නිගමනයකට එළඹීම කොයිතරම් දුරට විද්‍යාත්මක ද? සත්‍ය බවට ඔප්පුවෙලා තියෙන කරුණු කීපයක් පමණක් සැලකිල්ලට ගනිමු. (මේ කරුණු ජෝතිෂ්‍යයේ සාකච්චා කරලා තියෙන්නේ දළ වශයෙන් දැනට අවුරුදු 3000කට විතර පෙරාතුව දැනට අපි දන්නා කිසිදු නුතන තාක්‍ෂණයක් වත් තාක්‍ෂණික මෙවලමක් වත් නොතිබූ, බටහිර ඇසින් ඉතාම ප්‍රාථමික නොදියුණු යුගයක කියන දේ අමතක කරන්න එපා.)


1. සුර්යයා ද ඇතුළුව ග්‍රහයන් 9 දෙනෙකුගේ පැවැත්ම නම් වශයෙන් නිශ්චිතව දැන සිටීම.

2. ග්‍රහයන්ගේ චලිතය අනුවර්තියව සිදුවන බව හා ඒවාට ගතවන කාලය පිළිබඳ නිශ්චිත දැනුම.

3. චන්ද්‍රයා පෘථිවිය වටේත්, පෘථිවිය චන්ද්‍රයාද සමඟ සුර්යයා වටේත් ගමන් කරන බව දැනසිටීම (රාහු සහ කේතු නමින් චින්තනමාත්‍රික ග්‍රහයන් දෙදෙනෙකූ පිළිබඳ දක්වා ඇති කරුණු වලින් මෙය ඉතා හොඳින් සනාථ වෙනවා).

4. නැකත් පිළිබඳ දැනුම.

ඒ සා ඈත යුගයක පෙරදිග පඬිවරු (ඍෂිවරු) කිසිදු තාක්ෂණික මෙවළමක් භාවිතා නොකොට මෙවැනි දැනුමක් ලබාගත්තේ කෙසේද කොහොමද? පියවි ඇසින් අහස නිරීක්ෂණය කර තාර්කික බුද්ධිය මෙහෙයවා ලබාගත් දැනුමක් ද? පෘථිවි කක්‍ෂය සහ චන්ද්‍ර කක්‍ෂය එකිනෙක ජේදනය වන ලක්ෂ්‍ය දෙක පියවි ඇසින් බලලා හඳුනාගත්තා.

එහෙනම් මේ දැනුම ඔවුනට ලැබුණේ කොහොමද? භාවනා කරලා මනස දියුණු කරලා අධ්‍යාත්මික ශක්තියෙන් මේවා දැනගත්තා ද? නැතිනම් වෙනත් ලෝකයක සිට පැමිණි යම් ජීවින් (දෙවියන් / පිටසක්වළ ජීවින්) කොටසක ගෙන් මේ දැනුම ඔවුනට ලැබුණාද? (සංවාදයට විවෘත යි). මොකක් හරි අපි නොදන්නා අසාමාන්‍ය ක්‍රමයකින් ඔවුන් ඒ නිවැරදි දැනුම ලබාගෙන තිබෙනවා. ඒ අසාමාන්‍ය දැනුම ලබාගන්නා ක්‍රමයෙන් ම තමයි නූතන විද්‍යාවට ඔප්පුකරගන්නට බැරිවෙලා තියෙන ඉතිරි 50% (පාරභෞතික කොටස) ඉදිරිපත් කරලා තියෙන්නේ. 50% ක් ඇත්ත කියලා 50% බොරු කියන්නේ මොකටද?

--

ජ්‍යෝතිෂ්‍යාචාර්ය

බී.කේ.ඩී.පී. බාලසූරිය

පොල්හේන පාර

දෙවලපොල


කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා

Call / Whatsapp: 071 698 2482


Join the Yahapath Whatsapp Group

YouTube Channel


EmoticonEmoticon