Wednesday, June 19, 2024

පිශාච බාධක යෝගය



පිශාචයෝ කියන්නේ මිනිසුන් ගේ රුධිරය උරාබොන අමනුෂ්‍ය වර්ගයක් කියලා තමයි ජන වහරේ එන්නේ  (Dracula නවකතාවේ සඳහන් වෙන්නෙත් පිශාචයෝ ගැන තමයි) බෞද්ධ සාහිත්‍යයේ ත් යක්‍ෂ ප්‍රේත පිශාච කුම්භාණ්ඩ වශයෙන් මෙවැනි අමනුෂ්‍ය කොටස් ගැන සඳහන් වෙනවා'

කොහොම හරි ජෝතිෂ්‍යයේ අමනුෂ්‍ය බලපෑම් නියෝජනය කරන්නේ ශනි එහෙමත් නැත්නම් සෙනසුරු කියන ග්‍රහයා 🪐 ජන්ම පත්‍රයක 2, 11 කියන ස්ථාන බාධක ස්ථාන වශයෙන් සලකනවා. 11 විශේෂයි' ඇතැම් ආචාර්‍ය මතයකට අනුව මේ කියන පිශාච බාධක යෝගයේ වෙනස් ආකාර සහ යෙදීම් රාශියක් ගැන සඳහන් වෙනවා (කාලසර්ප යෝගය වගේ) ඒත් වඩාත් බලවත් විදියට මේ යෝගය යෙදෙන්නේ මේෂ ලග්න හිමියන්ට පමණයි' මේෂ ලග්න හිමියන්ගේ ශනි චන්ද්‍ර හා කුජ යන ග්‍රහයන් 6 4 සහ 5 යන පරතරයෙන් පිහිටි විට පිශාච බාධක යෝගය යෙදෙයි' 8 වැන්නේ සිට 4 වෙනි නවාන්ශකය අල්ලාගෙන මේ යෝගය යෙදුන හොත් සිවු දිශාවේ රැකවලුන් යොදා ආරක්ෂා කළේ වී නමුදු දහ අට වන වියේදී දියේ ගිළී මියැදෙයි'

එසේ නොයෙදෙන යෝගය මාරක අපල දෙන්නේ කලාතුරකිනි' ජන්ම ඒරාෂ්ටක ලැබූ කල ඉතා කටුක ඵල විපාක දෙයි' වෙනත් අවයෝග බලවත් වීමට රුකුල් දෙයි' උන්මාදය සිහි මඳ ගතිය ඇතිකරන නිසා ජීවිතයේ වැදගත් කටයුතු වලට බාධා ගෙනදෙයි' අමනුෂ්‍ය දෝෂ තනිකම් දෝෂ සිහි මුර්ජාව මීමැස්මුර නින්දෙන් ඇවිදීම් ආදී රෝග වලට හේතුවෙයි' බුධත් නවාන්ශකයෙන් නීචව ගුරු අස්ථ කල්හි මනුෂ්‍ය ජීවිතයක් ලදුයේ වී නමුත් ජන්මියා බුද්ධි හීනයෙක් කරයි (මන්දබුද්ධික අය :( ). දීර්ඝායුෂ දෙන වෙනත් බලවත් පිහිටීමක් නොතිබුණේ නම් වයස අවුරුදු 16 ට පෙර මියයයි'

මීළඟට ලග්නය කටකය වී එහි චන්ද්‍රයා සිටින අයටත් කොතැනක හෝ වී කටකයේ චන්ද්‍රයා සිටින අයට මේ අවයෝගය බලපවත්වයි'

සාමාන්‍යයෙන් ලග්නය මේෂ නොවන කල්හි යෙදෙන පිශාච බාධක යෝගය එතරම් බලවත් නොවේ. මතක ශක්තිය හීන වීම, අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම, බියජනක සිහින දැකීම, දැඩි සැකය සහ අනවශ්‍ය බිය, අසහනය, සමාජ භීතිකාව වැනි දෙයින් පීඩා ලබයි. වැඩිය කතා නැති නිහඬ ගුප්ත මිනිසුන් ය'

--

ජ්‍යෝතිෂ්‍යාචාර්ය

බී.කේ.ඩී.පී. බාලසූරිය

පොල්හේන පාර

දෙවලපොල


කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා

Call / Whatsapp: 071 698 2482


Join the Yahapath Whatsapp Group

YouTube Channel



EmoticonEmoticon