මෙම සීවලී මුරපති යන්ත්‍රය ජීවන් කිරීමට පුථම කමන් පිරිසිදු වී පස්පවින් වැලකී සුදු පිරුවට හැඳ ඒ වෙනුවෙන් ශුද්ධ පවිත්‍ර කරගත් කාමරයක උඩුවියන් බැඳ පුටුවක් කහදියරින් නාවා මණ්ඩපයක් සේ සරසා අළුත් කළයකට පැන් පෙරා වත්කොට සුදු රෙදි කඩකින් කට වසා ඒමත තබන්න. අනතුරුව මණ්ඩපයේ නියමිත පුද පූජා හා මල් තබා සුවඳ දුම් දී රං තැඹිලි ගෙඩියක් ගෙන එය සරසා තමන් විසින් සකස් කරන ලද යන්ත්‍රය ඒ මත තබා වැඳගෙන තුන් සූත්‍රය කියා අනතුරුව ඉහත සඳහන් මන්ත්‍රය දහස්වර ජප කරන්න. ජලය පිරෙණ විට තැඹිලි ගෙවිය පුපුරයි. පිරිත් පැන් කළය උතුරයි. නැවතත් තුන් සූත්‍රය කියා දෙවියන්ට පිංදී ශුභ හෝරාවක් බලා එදිනම අලුයම යන්ත්‍රය පළඳවන්න. යන්ත්‍රය පැළඳ ගත් පුද්ගලයා පස් පවින් මාංශ භක්ෂණයෙන් හා කිළිකුණු වලින් වලකින්න. එවිට නියම ප්‍රතිඵල ලබාගත හැක.
යන්ත්‍රය සකස් කර ගන්නා අයුරු - යන්ත්‍ර තහඩුවේ පළල අඟල් 2 ක් විය යුතු අතර, දිග අඟල් 7 ක් හෝ 10 ක් වීම අවශ්‍යයි. ඉරි නොකැපෙන සේ ලියන්න. මේ සඳහා තම කොළයක් හෝ රන් පතක් ගන්න. තඹ කොළය ද රත්රන් වතුරේ දමා ගත්තොත් යෙහෙකි
--
යන්ත්‍රයේ ගුණ : ශ්‍රී සම්පත්තිය ලඟා වෙයි. ව්‍යාපාර දියුණුව දිනෙන් දින වැඩි වෙයි. හදිසි ධන ලාභ අත්වෙයි. වාසනාව උදාවෙයි. මැණික් ව්‍යාපාර ආරම්භ කරන්නේ නම් පළමුව බහිරව පුජාදිය දීමෙන් ප්‍රතිපත්ති ගරුකව කළ පුතුයි. යාන වාහනාදියෙහි රාමු කොට එල්ලීමෙන් බලාපොරොත්තු ඉටුකර ගත හැක. වෙළදාම් කරන හා ව්‍යාපාර කරන ස්ථානයෙහි මෙම යන්ත්‍රය සකස් කොට එල්ලන්න. වෙළඳාම දියුණු වෙයි. ව්‍යාපාර දියුණු වෙයි
ස්වස්ති සිද්ධම්! 🙏
--
ජ්‍යෝතිෂ්‍යාචාර්ය
බී.කේ.ඩී.පී. බාලසූරිය
පොල්හේන පාර
දෙවලපොල
කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා
Call / Whatsapp: 071 698 2482

EmoticonEmoticon