3. කැති නැකත
කැති නැකත නැකැත් චක්‍රයේ තෙවැනි නැකතයි. මෙය මේෂ 26°40' - වෘෂභ 10° අතර පැතිර පවතියි. කැත්තකින් (තියුණු අවියක්) සංඛේතවත් කෙරෙන කැති නැකත අග්ණි දෙවියන් ගේ බලය පතුරුවයි. රවි අධිපති ග්‍රහයා වේ. චන්ද්‍රයා මේෂ 26°40' - වෘෂභ 10° අතර සිටියදී උපන්නේ කැති නැකතෙන් හා රවි ගේ මහදශාවෙන් වේ.
අග්ණියට ද තියුණු බවට ද බලපවත්වයි. ශුභ කටයුත්තේදී හළ යුතුය.
කැති නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි, ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ.
කැති නැකතේ ප්‍රභේද; රාක්‍ෂ ගණ, එළුදෙන යෝනි, අත්තික්කා වෘක්‍ෂ, හෙරුඩ පක්‍ෂි, පඨවි භූත, මරිචි ගෝත්‍ර, වෛශ්‍ය වර්ණ, ස්ත්‍රී ලිංග, අන්ත්‍ය නාඩි.
කැති නැකතේ ප්‍රභේද; රාක්‍ෂ ගණ, එළුදෙන යෝනි, අත්තික්කා වෘක්‍ෂ, හෙරුඩ පක්‍ෂි, පඨවි භූත, මරිචි ගෝත්‍ර, වෛශ්‍ය වර්ණ, ස්ත්‍රී ලිංග, අන්ත්‍ය නාඩි.
--
ජ්‍යෝතිෂ්‍යාචාර්ය
බී.කේ.ඩී.පී. බාලසූරිය,
පොල්හේන පාර,
දෙවලපොල.
කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා
Call / Whatsapp: 071 698 2482

EmoticonEmoticon