Saturday, June 29, 2024

Magha Nakshatra | මා නැකත (කේතු)

 

10. මා නැකත


මා නැකත නැකැත් චක්‍රයේ දහ වැන්නයි. කිරුළු දැරූ මුෂික දෙනක ගේ ආකාරයෙන් දක්වා ඇති මා නැකත කේතු ග්‍රහයාට සහ මළවුණට අධිගෘහිතයි. සිංහ රාශියේ 0° 00' - 13° 20' අතර පරාසයේ පැතිර පවතී. මළවුන්ගේ ආත්මය නියෝජනය කරයි.














චන්ද්‍රයා සිංහ රාශියේ 0° 00' - 13° 20' අතර සිටියදී උපන් අය මා නැකතෙන් හා කේතු ගේ මහදශාවෙන් උපන්නේ වේ. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. අශුභ පක්‍ෂයේ නැකතකි.

මා නැකතේ ප්‍රභේද; 
රාක්‍ෂ ගණ, මුෂිකදෙන යෝනි, නුග වෘක්‍ෂ, පිංගල පක්‍ෂි, ආපෝ භූත, විශිෂ්ට ගෝත්‍ර, ක්‍ෂුද්‍ර වර්ණ, පුරුෂ ලිංග, අන්ත්‍ය නාඩි. 


EmoticonEmoticon